ශ්‍රී ලංකාවේ නම ලෝකයේ බැබළවූ සුප්‍රකට චිත්‍ර ශිල්පී කලාශූරි ජයසිරි සේමගේ මහතා අභවප්‍රාප්ත වූයේය. මියයන විට 83 වන වියෙහි ඔහු පසුවිය.


චිත්‍ර නිර්මාණ ශිල්පියෙකු සහ පුවත්පත් සිතුවම් ශිල්පියෙකු ලෙස ඔහු වඩාත් ප්‍රකට විය..  
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකු වන සේමගේ මහතා දවස ලංකාදීප රිවිරැස ආදී පුවත්පත්වල සේවය කර තිබේ.
ඔහුගේ සිතුවම්  යෝධ නිර්මාණ ලෙස කලඑලි දැක තිබේ. ඓතිහාසික දසුන් ඇඳීම සඳහා ඔහු වඩාත් ප්‍රසිද්ධ විය.


සේමගේගේ සිතුවම් ප්‍රදර්ශන රටවල් කිහිපයකම පවත්වා ඇත, ඔහුගේ කෘති ඕමානයේදී මැලේසියාවේදී ඕස්ට්‍රේලියාවේ ස්තාවර ස්ථාන ගණනක පිහිටුවා ඇත.
 ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානයේ ප්‍රධාන ශාලාවේ (ස්විට්සර්ලන්තය) ඔහුගේ සිතුවම් ප්‍රදර්ශනය කරමින් ඇත. ස්ටොක්හෝම්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ (ස්වීඩනයේ) මැනිලා (පිලිපීනයේ දූපත්) සහ කොළඹ මහජන බැංකු මූලස්ථානයේ ඔහුගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරේ.
 මහනුවර පෙරහැර සහ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දර්‍ශන මෙල්බර්න්හි පිහිටි විශාල 'සිනමන්' ශ්‍රී ලාංකික අවන්හලේ ස්ථිරව ප්‍රදර්ශනය කරමින් පවතී.
අභාවප්‍රාප්ත වූ සේමගේ මහතාගේ අවසන් කටයුතු අද (26) සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.