jaffna-bus-collapse

යාපනය කල්ලුන්ඩායි ප්‍රදේශයේදී අද උදැසන බස් රථයක් පෙරළිමෙන් පුද්ගලයින් 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ. මානිප්පායි පොලිසිය පැවසූවේ කරෙයිනගර් ඩිපෝවට අයත් බස් රථයක්, කරෙයිනගර් සිට යාපනය බලා ධාවනය වන අවස්ථාවේ අනතුර සිදුව ඇති බවයි.





අධික වේගය අනතුරට හේතුවි ඇති බවට සැක පළ කරන අතර, අනතුරින් බස් රථය අනෙක් පසට පෙරළී ඇති බවද පොලිසිය පැවසුවේය. තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන ලදි.