
කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර ඇති දැඩිසත්කාර ඒකක ඇඳන් 215න් ඉතිරිව ඇත්තේ ඇදන් 25පමණකැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. සෞඛ්‍ය පද්ධතිය උපරිම ධාරිතාවට පැමිණ ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මේ අනුව, දැඩිසත්කාර ඒකක ඇඳන් 215න් ඇඳන් 190කම රෝගීන් සිටින බව පැවැසූ හම්දානි මහතා, මෙම දැඩිසත්කාර ඒකක මුළු ඇඳන් ප්‍රමාණයට රාජ්‍ය අංශයේ ඇඳන් 189ක් සහ පෞද්ගලික අංශයේ ඇඳන් 26ක් ඇතුළත් වන බව ද පැවැසුවේය.
කෙසේ වෙතත්, තවත් දැඩිසත්කාර ඒකක ඇඳන් සූදානම් කිරීමට හැකියාව පවතින බව ද හෙතෙම සඳහන් කළේය. පවතින තත්වය තේරුම් ගෙන ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා කීවේය.
-සුජිත් හේවාජුලිගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval