haali-ela-incident
කාන්තාවන්ට අතවර කිරීමට යොදාගන්නා කට්ටඩියන්ගේ විවිධ උපායශීලි විධික්‍රම ගැන වරින්වර වාර්තා පළවෙයි. හාලිඇල බෝගොඩ ලන්දේවෙල ප්‍රදේශයේ කට්ටඩියෙකු අලුත්ම ආකාරයේ උපායකින් නිවසක කාන්තාවන් අතවරයට ලක්කළ පුවතක් වාර්තාවේ.



එක්තරා නිවසකට බාහිර පුද්ගලයෙකු පැනවූ කොඩිවිනයක් ඉවත් කිරීමට කියා ශාන්ති කර්මයකට පැමිණ සිටි මේ කියන කට්ටඩියා නිවසේ සිටි 45 කාන්තාවක හා 19 හැවිරිදි තරුණියකට නිවසේ රැඳී සිටින්නට දන්වා ඔවුන් ශාන්ති කර්මය සිදුකරද්දී අවශ්‍ය බැවින් අනිව්රායෙන් සිටිය යුතු බවත් නිවසේ සිටි සියලු පිරිමි පුද්ගලයන් නිවසෙන් ඉවත් වියයුතු බවත් දන්වා ඇත. ඔවුන්ට නිවසන් එපිට මංසන්ධිවල රැඳී සිටියු යුතු බවත් එසේ නොවුණොත් ශාන්ති කර්මය ළලදායි නොව බවත් දන්වා තිබේ.
ඒ අනුව ඔවුන් නිවසින් පිටව ගිය පසු ශාන්ති කර්මය අතරතුර කාන්තාවන් දෙන්නා වෙන වෙනම කාමරයකට කැඳවා ලිංගික අතවර කර ඇත්තේ මෙම ශාන්ති කර්මය අනුව තමන්ට ආරූඪවූ නොපෙනෙන බලය ඇති තැනැත්තාගේ පිළියමක් ලෙස ‘අතවරය‘ අවශ්‍ය බවටද පෙන්වා දෙමිනි.
කෙසේ වෙතත් නිවසට පිරිමින් පැමිණි පසු සිද්ධවූ දේවල් ඔවුන් කියා තිබේ.
මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි සැකකරු අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .
සැකකරු අද (1) දින බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි