
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායකට
සමගි ජනබලවේග පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට සිදු කළ පි.සි.ආර් පරීක්ෂණයකදී මේ බව අනාවරණය වීමෙන් පසු මන්ත්‍රීවරයා මාතලේ පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව වාර්තා වේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පසුගිය අගෝස්තු මස 01 වෙනිදා සිට මේ දක්වා තමන්ව ආශ්‍රය කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනය වන ලෙසත් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් දැනුම් දී සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval