
දරුවන් සමාජයට රැගෙන ඒමෙන් වළකින ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.
මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේත් කොවිඩ් ආසාදිත දරුවන්ගේ පැහැදිළි වැඩිවීමක් දක්නට ලැබෙන බවත් අසාදිත දරුවන්ට සඳහා වෙන් කළ වාට්ටුවේත් උපරිම ධාරිතාවකට පැමිණ ඇති බැවින් සායනික කටයුතු සඳහා රෝහල් වෙත රැගෙන එන දැරුවන් හැර සෙසු දරුවන් සමාජය වෙත රැගෙන නොයන ලෙස ඒ මහතා ඉල්ලා සිටියි.
කෙසේ නමුත්, දරුවන්ට වෙනදා ඇතිවන සෙම්ප්‍රතිශ්‍යා තත්වයට වඩා වෙනස් රෝග ලක්ෂණ පෙන්වන්නේ නම්, දින දෙකකට වඩා තද උණක් පවතී නම්, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සහ ආහාර රුචිය අඩු වී ඇත්නම්, දිනකට පස්වතාවක් වමනය සිදුවන්නේ නම් දැඩි උදරාබාධ තත්වයක් ඇත්නම් සහ වෙනදා දක්නට නොලැබුණු දද පළු වැනි දෑ ශරීරයේ දක්නට ඇත්නම් දරුවාට සංකූලතා සහිත රෝගයක් වැළඳී පැවතිය හැකි බැවින් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි ළමා රෝග විශේෂඥවරයා ඉල්ලා සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval