රටපුරා පාලනයකින් තොරව සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනපති ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණාත්මක සාකච්ඡාවේදී
රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් ලබාගත්තේ නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පැවසුවේය.
ජනාධිපතිවරයා සමඟ අද පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කෙසේ වෙතත් පවතින සංචරණ සීමා මීටත් වඩා දැඩි කරනු ඇති බවද ඒ ගැන අද දින නිල වශයෙන් දැනුම් දෙනු ඇතැයිද ඔහු කීය.

Comments
Post a Comment
Your comment will be visible after approval