පවතින කොරෝනා තත්වය මත රට වසන ලෙස අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන් කළ ඉල්ලීම අද පැවති
කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී ජනාධිපතිවරයා සාධනීයව භාරගත් බව රාජ්‍ය අමාත්‍ය
මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
සාධනීය භාරගැනීමක් කිව්වත් ඒ කෙසේද යන්න ගැන ඔහු පැහැදිලි නොකළේය.
රට වසනවාද නැද්ද යන්න ගැන කෙසේ සිදුවේද යන්න ගැන සෘජු පිළිතුරක් රාජ්‍ය ඇමතිවරයා කීවේ නැත.
ජනාධිපති කාර්යාලයේ දී අද පෙරවරුවේ කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීම පැවැත්වුණ අතර
එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන්
ජනාධිපතිවරයා නිල වශයෙන් අද සවස දැනුම් දෙනු ඇති බවකි.

Comments
Post a Comment
Your comment will be visible after approval