
අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හෙළි කළේ ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 – 70ත් අතර වේගයකින් පැතිර යන බව ද සඳහන් කළේය.
මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට සූදානමින් සිටින බවත් රුසියාවේ පාර්ශ්වයෙන් යම් ප්‍රමාණයක් ප්‍රමාදවී ඇති බවත් දෙවන මාත්‍රාව ලබාදීමට දින 90ට පෙර හැකි බවත් ඔහු කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval