
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහ කෝකිලා හංසමාලි ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගැනුණේ, පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ (03) විරෝධතාව අතරතුර රජයේ දේපළ අනර්ථය හා පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි.
මේ අතර , පාර්ලිමේන්තුව අසල ඊයේ පැවති විරෝධතාව අතරතුරදි ඇතිවූ උණුසුම් තත්ත්වයේදී මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තුවාල ලැබී ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ස්ථානාධිපතිවරයාගේ අතෙහි ඇඟිලි දෙකකට බරපතළ ලෙස තුවාල සිදුව ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval