Covid infected arrested for abusing a minor girl

අලුත්ගම සීනවත්ත ප්‍රදේශයේ පදිංචි බාල වයසේකාර දැරියක අලුත්ගම ගනේගම ප්‍රදේශයේ සැකකාර පුද්ගලයාගේ නිවසේදී අවස්ථා කිහිපයකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ප්‍රදේශයෙන් පලා ගොස් සැගව සිට කෝවිඩ් ආසාදිත වූ සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ (17දා) අලුත්ගම පොලීසියට භාර වී තිබෙන බව කියයි. මෙලෙස මෙම ලිංගික අපයෝජනයට ලක් කර ඇත්තේ වයස අවුරුදු 10 මාස 3 වයසැති බාල වයස්කාර දැරියක් බවත් සැකකරු වින්දිත දැරියන්ගේ පියාගේ බාප්පා වන 60 අයෙකු බව බවත් විමර්ශන සිදු කරන පොලීසිය පවසයි.



ඉකුත් අප්‍රේල් මාසයේ සිට අවස්ථා කීපයක දී අලුත්ගම ගම සැකකරුගේ නිවසේ දී මෙම දැරිය රවටා අපයෝජනයට ලක් කර ඇති බව දැරිය පරික්ෂා කළ අධිකරණ වෛදවරයාගේ වාර්තාවලින් සනාථ වී තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් අලුත්ගම පොලීසියට නිර්නාමිකව ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කර බවත්, අනතුරුව දැරීය කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් ඇය අවස්ථා කිහිපයකදීම අපයෝජනයට ලක්වී ඇති බව සනාථ වී තිබීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට නිවසට ගිය අවස්ථා කිහිපයකදීම සැකකරු නිවසේ නොසිට ප්‍රදේශයෙන්ද පලා ගොස් ඇති බව පොලීසිය කියයි..



එලෙස පලාගොස් සිටි සැකකරු කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් කෝවිඩ් පරීක්ෂණයක් සිදුකර තිබෙන බවත් එමගින් ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී තිබියදී නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ අලුත්ගම පොලීසියට භාර වී තිබෙන බවත් ඒ අනුව කෝවිඩ් ආසාදිත සැකකරු යුද හමුදාව යටතේ දර්ගා නගරයේ ක්‍රියාත්මක කෝවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රදවා තැබීමටත් කටයුතු කළ බව අලුත්ගම පොලීසිය පවසයි. අලුත්ගම පොලීසියේවැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. සුදුසිංහ, ළමා හා කාන්තා කාර්යාංශය ස්ථානාධිපතිනි උපපොලිස් පරික්ෂක නිශාදි පූර්ණිමා යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරී සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරති.

(අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා)