
රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව විශාලතම මැණික බවට සැලකෙන ආරුනූල් මැණික ආරුනූල් සමූහය ස්විට්සර්ලන්තයට ආරක්ෂිතව රැගෙන ගිය බව මැණික් හා පතල් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.
මෙම ආරුනූල් මැණික සම්බන්ධයෙන් තක්සේරු සහතිකයක් ලබාගැනීම සඳහා එය ස්විට්සර්ලන්තයට මෙසේ රැගෙන ගිය බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් ඉකුත්දා හමුවූ විශාල ප්‍රමාණයේ මැණික ඇතුළු මැණික් ගල් රැසක් චීනයේ ෂැන්හයි නගරයේ පැවැ
ත්වෙන මැණික් වෙන්දේසීය සඳහා ඉදිරිපත් කරන බව මින් ඉහත රාජ්‍ය ඇමතිවරයා පවසා තිබුණි.
මේ සඳහා වෙනම ගුවන් යානයක්ද සූදානම් කරන බවත් මෙරට මැණික් ව්‍යාපාරිකයන් විසිපස් දෙනෙකුද එම ගමනට සම්බන්ධ කර ගන්නා බවත් ඔහු මීට සති 2 කට පමණ පෙර දන්වා තිබූ අතර තමාද අදාළ රාජ්‍ය ඇමැතිවරයා ලෙස එම ගමනට සූදානමින් සිටින බව පවසා තිබුනි.
රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ එම මැණික මෙතෙක් ලොව හමුවූ විශාලතම ආරුනූල් සමූහය ලෙස සැලකිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval