
මේ වන විට දිවයින පුරා පාලනයකින් තොරව පැතිර යන කොවිඩ් වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම උදෙසා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා දැඩි කිරීමට රජය විසින් පියවර ගැනුණි.
මේ අනුව පළාත් සීමා මායිම් වල පොලිස් මුරපොළවල් තර කෙරෙන අතර පොලිසියේ සහාය සඳහා යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාවත් යෙදවීමට තීරණය කර තිබේ.
නව නීතිරීති අනුව පළාත් අතර සංචරණය සිදුකර හැක්කේ අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන කාර්යමණ්ඩලවලට පමණි.
කෙසේ වෙතත් මෙම අත්‍යවශ්‍ය සේවා කාර්ය මණ්ඩල ද අවශ්‍යතාව අනුව පරීක්ෂාවට ලක් කිරීමට පොලීසියට උපදෙස් ලැබී තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval