
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සහ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර
විශේෂ සාකච්ජාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.
පවතින කොවිඩ් තත්වය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වී තිබෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස
අදහස් දැක්වුවේය,
"රටේ තියෙන කොවිඩ් තත්වයයි, රටේ ආර්ථිකය පිලිබඳ සාකච්ජා කළා. විශේෂයෙන්ම පසුපෙළ
මන්ත්‍රීවරුන්නේ ගොඩක් වෙලාවට හැමදේටම කර ගහලා වැඩ කරන්නේ. ඒ නිසා එතුමා අලුත් දෙයක්
අපිට කියන්න වෙන්න ඇති අද එන්න කියන්න ඇත්තේ.“
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන්
මෙලෙස අදහස් දැක්වුවේය,
"අපි ඉදිරි කටයුතු පිලිබඳ සාකච්ජාවක් අද තියෙන්නේ. පසුපෙළ මන්ත්‍රීතුමාලයි, බැසිල් රාජපක්ෂ
මහත්තයයි අතර නිතර සාකච්ජා කරනවා විවිධ කරනා සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් සාකච්ජාවක් තියෙන්නේ.“
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස
අදහස් දැක්වුවේය.
"පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම බැසිල් රාජපක්ෂ මැතිතුමා මුණ ගැහෙනවා. මේ මොහොතේ රටේ තිබෙන
ප්‍රධාන මාතෘකාව කොවිඩ් මර්ධනය. අනිවාර්යයෙන්ම අපේ සාකච්ජාවේ පලවෙනි මාතෘකාව කොවිඩ්
මර්දනය."
Comments
Post a Comment
Your comment will be visible after approval