
ශ්‍රී ලංකාවේදී විවාහ වූ ශ්‍රී ලාංකිකයන් වෙනත් රටක දී නඩු පවරා ලබාගන්නා දික්කසාද සහ විවාහ අවලංගු කිරීම් මෙරට දී පිළිගැනෙන අයුරින් නීතිමය විධිවිධාන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පසුගිය 10 වනදා පැවසීය.
මෙරට දී විවාහ වූ අය විදේශයන්හි දී වෙන්වීම සඳහා ලබාගන්නා තීන්දු මෙරට නොපිළිගැනීම නිසා එම තීන්දු අනුව කටයුතු කිරිමට මෙරට දී යළිත් දික්කසාද නඩු පැවරීමට සිදුවීමෙන් එම පාර්ශව දැඩි දුෂ්කරතාවන්ට පත්වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එබැවින් විදේශයන්හි දී සිදුවන දික්කසාද, විවාහ අවලංගු කිරිම සහ අධිකරණමය වෙන්වීම් පිළිගැනීමට හැකිවන අයුරින් නීති විධිවිධාන පැනවීමට හැකි පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඇමති මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද රමේෂ් පතිරණ මහතා කීවේය. ඇමති රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
-ඩයනා උදයංගනී-
Comments
Post a Comment
Your comment will be visible after approval