The-fledgling-Afghan-digital-minister-is-now-in-the-pizza-delivery-service-in-Germany

හිටපු ඇෆ්ගනිස්තාන අමාත්‍යවරයෙකු අද වනවිට ජර්මනියේ පීසා ඩිලිවරි සේවාවේ නිරතවන පුවතක් විදෙස් මාධ්‍ය ඊයේ (26දා) වාර්තා කර තිබුණි. ඒ අනුව ඇෆ්ගනිස්තානයේ හිටපු ඩිජිටල් තාක්ෂණ
අමාත්‍ය වන සයිස් අහ්මඩ් ෂාහ් සාදාත් මෙලෙස පීසා ඩිලිවරි සේවාවේ නිරතව සිටින බව සඳහන් වෙයි.
ඔහුන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට රැසක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළත් සංසරණය වෙමින් පවතින අතර, ජමනියේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු මෙම  ඡායාරූප ලබාගෙන ඇත. විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානය තුළ වර්තමානයේ උද්ගතව පවතින තත්ත්වයත් සමගින්ම වැඩි දෙනෙකු මේ පුවත සම්බන්ධයෙන් ඉහළ උනන්දුවක් දක්වා තිබේ.



ඔහු තැඹිලි පැහැති කමිසයකින් සැරසී, පාපැදියක නැගී මෙම පීසා ඩිලිවරි සේවාවේ යෙදෙන ආකාරය එම ඡායාරූප සහ වීඩියෝවල සටහන්ව ඇත. සයිස් අහ්මඩ් ද බ්‍රිතාන්‍යයේ ස්කයි නිවුස් පුවත් සේවය හා සම්බන්ධ වෙමින් එම ඡායාරූපවල සහ වීඩියෝවල සිටින්නේ තමා බවත්, තමා හිටපු ඇෆ්ගනිස්තාන අමාත්‍යවරයෙකු බවත් පවසා තිබේ.

ඔක්සෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන සයිද් ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති අග්රෆ් ඝානින්ගේ රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර ඇත. එහෙත් වසර දෙකකට පමණ පසුව ඔහු ඉන් ඉල්ලා අස්වී ඇති අතර, පසුව 2020 වසරේදී ජර්මනිය වෙත පැමිණ තිබේ.