Quality-Face-Mask-Dan-was-in-the-car-and-came-to-me-because-of-the-driver--Bandula

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට කොරෝනා ආසාදනය වූ පුවත ඊයේ වාර්තා වූ පසුව ඒ සම්බන්ධයෙන් විවධ සමාජ මාධ්‍ය සාකච්ඡා ඇති විය. ඉන් එකක් වූයේ බන්දුල පැළඳ සිටියේ ‘බාල රෙදි මාස්ක් එකක්‘ බවත් පහසුවෙන් කොරෝනා වැළඳෙන්නට ඇත්තේ එවැන්නක් පැළඳ සිටි නිසා බවත්ය.
පසුගිය දිනවල ආර්ථික මධ්‍යස්ථාන නිරීක්ෂණය ඇතුළු මහජන ගැවසීම් බහුල එළිමහන් ස්ථානවල සැරිසැරූ ඇමති බන්දුලට වෛරසය බාහිරින් ඇතුළුවීමට වැඩි ඉඩක්ද තිබුණි.


බන්දුලට කොරෝනා ආසාදනය වීම සමග ඊයේ ඔහු සහභාගීවූ කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමට පැමිණි රටේ ප්‍රබලම තනතුරු දරන පුද්ගලයින්ටද රෝගයට නිරාවරණයවීමේ අවදානමක් පැනනැගුණ නිසා බන්දුලට වෛරස ආසාදනය වීම  අනෙක් අයට වඩා විශේෂයෙන් කථාබහක් ඇති කළේය.

කෙසේ වෙතත් සිය ෆේස් බුක් ගිණුමට අලුත් සටහනක් අද එක්කර ඇති ඇමතිවරයා තමන්ගේ මාස්ක් එක ‘කොලිටි ‘ එකක් බවත් එය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිෂ්පාදයක් බවත් කියා සිටී. තමා දිගටම මාස්ක් පැළඳි බවත් වාහනයේදී පමණක් ගැළවූ බවත් කියන ඇමතිවරයා තම රියදුරුට කොරෝනා ආසාදනය වීම නිසා තමන්ට බෝවන්නට ඇතැයි සැකකරයි. එසේම රෝගය නිසා තමා විවේක ගන්නා අතරම සූම් ඔස්සේ වැඩකරන බවත් කියා තිබේ.
ඇමතිවරයාගේ සටහන පහතින්