I grew up with a lot of people who said I wasn't growing up

අපි අද කතා කරමු 2019 අවසාන භාගයේ ඉඳලා අපේ රටට වගේම ලෝකයටම ඇතිවෙලා තියන දැවැන්තම ප්‍රශ්නයක් තමයි කොරෝනා වසංගතය....මේක එක ඉවර වෙයි කියලා බලාගෙන ඉන්නවා නමුත් මේක ඉවර වෙන පාටක් නැහැ....

දවසින් දවස අලුත් ප්‍රබේද  අලුත් රෝග ලක්ෂණ නිසා ගොඩක් ලොකු ගැටළු ඇතිවෙලා තියෙනවා...WHO එකෙන් කියලා තියෙනවා මේ විදිහට ගියොත් ලබන අවුරුද්දේ ජනවාරි වෙනකොට ලංකාවේ 18000  මිය යන්න පුළුවන් කියලා...ඒක ප්‍රායෝගිකව වළක්වාගන්නේ කොහොමද කියලා අපි අද කතා කරමු....අපි අවුරුද්දක වෙලේ ඉඳන් මිනිස්සුන්ට කියනවා අත් සෝදන්න mask දාන්න මීටරේ දුරින් ඉන්න....අපි මේ හැම දෙයක්ම කලා...ඇයි මේ දේවල් වලින් ප්‍රයෝජනයක් නැද්ද....ඒක හැමතිස්සෙම කිව්වට කට්ටියක් ඉන්නවා තාම මේක ඔළුවට අරගෙන නැහැ ....අපි මේ දේවල් කරන්න කරන්නේ කිව්වට කොහොමද මේ දේවල් කරන්නේ කියලා කියලා නෑ එතන තමයි මම හිතන්නේ ගැටලුව තියෙන්නේ.....ප්‍රධාන වශයෙන් මේක වළක්වාගන්න කාරණා තුනක් අපිට කරන්න පුළුවන්...උදාහරණයක් විදිහට ඔයා වැඩකට යනවා නම් මුලින්ම හිතන්න ඕනේ කොහොමද අපි එක කරන්නේ කියලා...



මුලින්ම පුළුවන් තරම් මේ දවස් වල අපි සරල වෙන්න ඕනේ....උදාහරණයක් විදියට ඇඳුම් අපි කාර්යාලයකට යනවනං ටයි එකක් පාවිච්චි කරනවනම් මේ දවස් වල ඒක පාවිච්චි කරන්න හොඳ නෑ....දෙවෙනි එක කාන්තාව ගත්තහම handbag කර යනවා තව චූටි බෑග් එකකුත් අරගෙන යනවා තමන් අරගෙන යන දේවල් සහ ගෙදරට රැගෙන එන දේවල් අඩු කරන්න ඕනේ.....බස් එකේ යනවනම් පළවෙනියටම බස් හෝල්ට් එකට ගියාට පස්සේ ඇති අඩු තැනක මීටරයක් හෝ මීටර් දෙකක් දුරින් ඉන්න ඕනේ.....හැමවෙලේම mask එක දාන්න ඕනේ....mask එක දාද්දි තමන්ගෙ කට නහය සම්පූර්ණයෙන්ම සිල් වෙන විදිහට දාන්න ඕනේ....බස් එකට නගින්න කලින් අත් දෙක sanitizer දාලා හෝදලා නගින්න ඕනේ...ඊළඟට තමන් ආසනයේ වාඩි වුණාට පස්සේ එහෙ මෙහෙ අල්ලන්න එපා ඕනාවට වඩා ජනේලය විවෘත කරන්න පුළුවන් නම් වාතාශ්‍රය ලැබෙන විදිහට විවෘත කරලා තියන්න...

කොරෝනා වයිරස් එක ගත්තහම රෝගය බෝවෙන්නේ කෙළ බිඳිති වලින්.....බස් එකෙන් බහිනකොටත් sanitizer  දාලා අත් පිරිසුදු කර ගන්න ඕනේ...කාර්යාලයට ගියාම තමන් පාවිච්චි කරන පරිගණකය මේසය sanitizer  දාලා පිරිසිදු කරන්න ... ඒසී පාවිච්චි කරනවා නම් ඔෆිස් වල පුළුවන්නම් ඒක එක off කරල ඉන්න.....අපි කියනවා mask එක අල්ලන්න එපා කියලා....ඒක ඇත්තටම කරන්න අමාරුයි.. mask නිසි ලෙස පාවිච්චි කරාට පස්සේ කසල බදුන් වලට දාන්න...හරි ආයෙ ජංගම දුරකථන භාවිතා කරන කොට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මොකද ඒකෙන් virus ගොඩක් අපිට ගෙදර රැගෙන එන්න පුළුවන්...ඉටි කොලයක් වගේ පොඩි ඉටි කවරයක් අරගෙන ෆෝන් එක ඒක ඇතුලට දාලා කාර්යාල වේලාවේදී පාවිච්චි කරනවානම් හොඳයි...ආයිත් කඩේකට ගිහිල්ලා වැඩ ඇරිල එන ගමන් හිතෙනවා හිතෙනව බඩු ටිකක් ගන්න....

මාසෙකට ගන්න පුළුවන් බඩු තියෙනවා ඒවා මාසෙකට හෝ දෙකකට ගත්තත් ප්‍රශ්නයක් නැහැ...ඒ වගේ ගන්න බැරි දේවලුත් තියනවා ඒ නිසා ඒකට කරන්න හොඳම දේ තමයි කලින් දවසේ අවශ්‍ය දේවල් කොළයක ලියා ගන්න...ලියාගනිද්දී ඒ දේ ගන්න කොයි කඩෙන් ද කියලා කියාගන්න එතකොට එහෙ මෙහෙ රවුම් ගහන එක නතර වෙනවා....ඊළඟ කාරණාව තමයි ගෙදර එනකොට හැම වෙලාවෙම අත හෝදලා නිවසට පැමිණෙනවා නම් හොඳයි  මේ දවස් වල පුලුවන්නම් ගෙයින් එළියෙ සින්ක් එකක් හයි කරගන්න.....එතැන සබන් කෑල්ලක් තියලා අත හෝදලා ගෙදරට එන්න ....සමහර වෛද්‍යවරු  විවිධ scan වලට ගියාම ලෙඩ්ඩු බලන්න ගියාම අපි නානවා ....ලෙඩ්ඩු තුන් හතර දෙනෙක් බැලුවොත් දවසට තුන් හතර පාරක් නාලා තියෙනවා ....සපත්තු දාගෙන ඇවිදිනකොට පාර තියෙන කෙළ සපත්තු වල ගෑවෙනවා ඒවත් එක්ක ගෙදර ඇවිල්ලා සපත්තු දෙක පිටින් ගේ ඇතුලෙ යන්න එපා....ඒ සපත්තු ගෙයින් එළියේ ගලවලා එන්න...අනිත් එක මේ දවස් වල වැඩි හරියක්ම ලෙඩ්ඩු  රෝගය බෝ කරගෙන තියෙන්නේ මගුල් ගෙවල් ගෙවල්වලට ගිහිල්ලා දානේ ගෙවල් වලට ගිහිල්ලා මල ගෙවල් වලට ගිහිල්ලා....එකේදි ප්‍රධානම ප්‍රශ්න තමයි කන වෙලාවට අපි mask එක ගලවනවා ඒක තමයි ප්‍රධානම හේතුව...ගොඩක් වෙලාවට ඔෆිස් එකේ ඉන්නකොට බස් එකේ යනකොට mask එක දාලා ඉන්නේ....අලුතෙන් හොයාගෙන තියෙනවා තියෙනවා delta ප්‍රභේදය තප්පර 5ක් දහයක් ඇතුළත mask එක ගලවලා හිටියත් තමන්ට ආසාදනය වෙන්න පුළුවන්...ඒ තරමටම ඒක බෝ වෙනවා....



තමන්ට කාර් එකක් තියෙනවා නම් ඔෆිස් ගියාම ඒ කාර් එක ඇතුලට වෙලා කන්න.....වාහනයක් නැතිනම් අපේ කාර්යාල වල තියෙනවා කෑම කන්න හදාගත්ත තැන් ඒ තැන්වල කන්න එපා...හේතුව මේකයි තනි තනියෙන් කෑවත් එතන ගොඩක් කට්ටිය කනවා...එනවා යනවා...එතකොට වාතයේ තියෙන කෙළ බිඳිති එතැන තියෙනවා....වෙන තැනකට ගිහිල්ලා කන්න නැතිනම් තමන්ගේ රාජකාරි මේසෙ උඩ ඉඳගෙන කන්න...අනිත් එක කට්ටිය හිතාගෙන ඉන්නවා මට නම් හැදෙන්නේ නැහැ කියලා .....මෙම හදෙන්නේ නැහැ කියලා හිතපු ගොඩක් අයකට හැදිලා තියෙනවා.....ඉතිං ඒ නිසා ඒ අදහස නම් ඔලුවට දාගන්න ම එපා....රෝහල් වල කරන පරීක්ෂණ වලින් දහයක් කළොත්  සමහර තැන් වල නමයක් positive....

තමන්ගෙ ඉස්සරහ ඉන්න එක්කෙනා කෝවිඩ් රෝගියෙක් කියලා හිතාගෙනම තමයි කටයුතු කළ යුත්තේ.....ඊළඟ කාරණය තමයි එන්නත්කරණය කරාට පස්සේ මට මේක හැදෙන්නේ නැහැ කියලා වැරදි මතයක් තියෙනවා....vaccine එක විද්දට පස්සේ රෝහල් ගත වෙන එක  70% කින් විතර අඩු වෙනවා මිසක් මේ රෝගය බෝවෙන එක අඩුවක් වෙන්නේ නැහැ....දෙදෙනෙක් අතර අනිවාර්යෙන්ම සමාජ දුරස්ථභාවයක් තියාගන්න ඕනේ....මිනිස්සු ඉන්න තැන්වල පුළුවන් තරම් ඉන්න හොඳ නෑ තමන්ගෙ වැඩේ ඉක්මනට කරලා එතනින් පිට වෙන්න ඕනේ....මේ ලෙඩේ බෝ කර ගත්තොත් පුදුම විදිහට   දුක් විඳින්න වෙනවා...අපි හිතමු මේ ලෙඩේට බරපතල වුණේ නැහැ කියලා නිරෝධායනය වෙන්න වුණා උනා කියල හිතමු ඒකත් තනිකරම එපා වෙන වැඩක්....එක ගෙදරක එක්කෙනෙක්ට හැදුනොත් එයාව නිරෝධායනය කළාට පස්සෙ ඒ ගෙදර අයත් නිරෝධායන කරනවා ඊට පස්සේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න තමයි ගෙදර එක්කෙනෙක්ට හෙම්බිරිස්සාවක් උණක් හැදුණොත් ඊට පස්සේ පරීක්ෂණයක් කරගන්න විදිහක් නැහැ මොකද එළියට යන්න විදිහක් නැහැ...

සමහර වෙලාවට කට්ටියට හිතෙන්න පුළුවන් ගමේ එක්කෙනෙක්ට හැදුනහම අනිත් අය කෑම ගෙනත් දේවි කියලා හිතන්න පුළුවන්....අපේ ගමේ හැදුණත් අපි ගිහිල්ලා බෙහෙත් දුන්නා...ඊට පස්සේ ගමේ කට්ටිය ඒගොල්ලන්ට කන්න බොන්න දුන්නා...නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඕක නෙමෙයි...දැන් තියෙන ප්‍රශ්නෙ උඩ අපි හිතමු ගමටම හැදුනා කියලා....ගම්පහ එක පාරක් ගත්තහම හැම ගේකම නිරෝධායන bord අලවලා..ඉතිං ඇවිල්ලා ඒ මිනිස්සුන්ට කන්න බොන්න දුන්නොත් ඇරෙන්න ඒ පාරේ කිසිම කෙනෙක්ට එළියට යන්න විදිහක් නැහැ.....ඉතින් ඒක වලක්වා ගන්න කරන්න තියෙන්නෙ ඉතාම පොඩි දේවල් ටිකක්....රෝහල් ගත වෙන්නේ නැතුව මේක ඊට ඉස්සෙල්ලාම නතර කරගන්න එක තමයි කරන්න....ඒ තත්ත්වයට ගියොත් ගොඩක් දුක් විඳින්න වෙනවා...ඒ ගැන තමයි අපි ඕගොල්ලන්ට කියන්න සූදානම් උනේ එන්න එන්නම කොරෝනා මරණ වැඩි වෙනවා.....delta ප්‍රභේදය ගත්තහම දවස් දෙකක් තුනක් ඇතුළත ආසාදනය වෙලා රෝග ලක්ෂණ පෙන්නනවා....ඒ වගේම තමයි මේ දවස් වල කොරෝනාඑක්ක ඩෙංගු වයිරස් එකත් තියනවා....ඩෙංගු හැදිලා කොරෝනා හැදිලා  ඉන්න රෝගීන් ඉන්නවා...

අතපය කැක්කුම් වෙනවා කැස්ස හෙම්බිරිස්සාව එනවා මේ වෛරස් එක හැදුනහම...සමහර කට්ටියට බඩඑලිය යනවා.....සමහරක් අය හන්දිපත් රුදාවට එක එක බෙහෙත් බොනවා ඒ වගේ බේත් මුකුත් බොන්න එපා මේ වෙලාවේ...සමහර වෙලාවට මේක කොරෝනා නොවී ඩෙංගු උනොත් එහෙම අභ්‍යන්තර රුධිර වහනයක් වෙන්න පුළුවන්....මට දුරකථන ඇමතුම් ආපු අය ඉන්නවා මට කොරෝන හැදිලා නැත්නම් අපේ අම්මට හැදිල යාලුවෙකුට හැදිල මම මොකද කරන්නේ කියලා කතා කරනවා...ඒ වෙලාවට මං ගොඩක් දුරට අහනව ගෙවල් පැත්තේ PHI ට කිව්වද කියලා.....PHI කිව්වේ නැහැ ඩොක්ටර් හරි කරදරයක් නේ අර කොලේ ඇලවුවොත් එහෙම ඇවිල්ලා කියලා...ඒ කොලේ අලවනවාට කවුරුත් කැමති නැහැ....නමුත් ඒක හරිම භයානකයි....ගම්පහ පැත්තේ මම දැක්කා  ප්‍රවෘත්තිවල කියනවා corona හැදිච්ච ආසාදිතයින් අතුරුදහන් වෙලා කියලා....එහෙම කරන්න එපා මොකද මේක හංගගෙන ඉන්න ඕන අසනීපයක් නෙවෙයි....."

Video - Norogi Lanka