කොවිඩ් රෝගීන් අතරින් නිවෙස් තුළ රඳවා තබාගන්නා රෝගීන්ගේ ශරීරයේ ඔක්සිජන් ධාරිතාව බලාගැනීමට අවශ්‍යවන 'පල්ස් ඔක්සිමීටර්ස්' රෝගීන් සඳහා ලබාදීමට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පියවර ගෙන ඇත.
කොවිඩ් රෝගීන් නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර ලබාදීම, නියමු ව්‍යාපෘතියක් වශයෙන් බස්නාහිර පළාත තුළ
ක්‍රියත්මක වූ අතර එම ව්‍යාපෘතිය සාර්ථක වූ නිසා, එය ඊයේ (අගෝස්තු 9) සිට දීපව්‍යාප්තව
ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරිණි.
නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර ලබාදෙන කොවිඩ් රෝගීන් වෛද්‍ය අධීක්ෂණය යටතේ තබාගන්නා අතර,

නව
ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරයමින් පවතින නිසා, ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ යමින් තිබෙන
පසුබිමක නිවෙස් තුළ රඳවා සිටින කොවිඩ් රෝගීන්ගේ ශරීරයෙහි පවතින ඔක්සිජන් ධාරිතාව මැන බලා
ගැනීමේ අවශ්‍යතාව පැනනැගීම නිසා මෙසේ 'පල්ස්  ඔක්සිමීටර්' ලබාදීමට සෞඛ්‍ය ඇමැතිනිය පියවර
ගෙන ඇත.
ඒ අනුව 'පල්ස් ඔක්සිමීටර්' 1500ක් පළමු වන අදියර යටතේ, රෝගීන් වෙත ලබාදෙන අතර,
ආසාදිතයාටම තමන්ගේ ශරීරය තුළ පවතින ඔක්සිජන් ධාරිතාව මෙමඟින් මැන බලාගත හැකි බවත්, ඔක්සිජන්
ප්‍රමාණය 80-90 අතර පැවැතිය යුතු අතර, එම ප්‍රමාණයෙහි අඩුවක් ඇතිවුවහොත් වහා ම තමන්ගේ
අධීක්ෂණය සඳහා යොදවා සිටින වෛද්‍යවරයා දැනුවත් කළ පසු, අවශ්‍ය ඉදිරි සෞඛ්‍ය පහසුකම් කඩිනමින්
සලසාගත හැකිවන බවත් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙති.
රෝගීන්ට ලබාදෙන මෙම උපකරණ ඉදිරියේදී, අවශ්‍ය ප්‍රමාණය දිවයිනේ සියලු ම ප්‍රදේශ වෙත
ලබාදීමට කටයුතු කෙරෙන අතර, රෝගියාට ලබාදෙන එම උපකරණය, ආපසු ලබාගත් පසු එය තවත්
රෝගියෙකු වෙත ලබාදෙන බව ද සෞඛ්‍ය ඇමැතිනියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සාකච්ඡාවකදී
අනාවරණය කෙරිණි.
නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර ලබාදෙන කොවිඩ් රෝගීන් නිවෙස්වලදී ම සුවපත් කිරීමට ගත යුතු සෑම
පියවරක් ම ගන්නා ලෙස, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ජේ.ටී. ද සිල්වා