
හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි බව කියන සිද්ධියක් මත පොලිස් අත්අඩංගුවට පත්ව මැගසින් බන්ධනාගාරයේ රඳවාගෙන සිටියදී පලාගිය තරුණයකු හදිසි අනතුරකට ලක්ව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යළි අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මූලස්ථානය කියයි.
බන්ධනාගාරයේ තාප්පයට නැග බිමට පැනීමේදී කකුලක් තුවාල වීම නිසා මොහු කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුළු වී හොර රහසේ ප්‍රතිකාර ලබමින් සිට ඇතැයි ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක් ඊයේ (22) පැවැසීය.
දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම තරුණයාගේ මව, වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ නිලධාරින්ට මේ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.
බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් ඒ අනුව රෝහලට ගොස් බන්ධනාගාරයෙන් පලාගොස් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
Comments
Post a Comment
Your comment will be visible after approval