
කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ශීතකරණ අක්‍රිය වීම හේතුවෙන් කොවිඩ් සහ අනෙකුත් මළ සිරුරු පිටත ස්ථාපිත කරතිබෙන තාවකාලික ශීතාගාරයක මළ සිරුරු එක පිට එක ගොඩ ගසා තිබෙන බව සේවකයෝ පවසති.
එම මළ සිරුරු වලින් බහුතරයක් කොවිඩ් වයිරසය ආසාදිත මළ සිරුරු බව සේවකයෝ පවසති. මත ශරීරාගාරයේ ශීතකරණ නඩත්තු කටයුතු සති දෙකක පමණ කාලයක සිට මේ වන විට ඇණ හිට ඇත .එයට හේතු වී ඇත්තේ නඩත්තු කටයුතු කරන සමාගමේ සේවකයන්ට ද කොරෝනා වයිරසය බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දිනෙන් දින කොවිඩ් මළ සිරුරු ශීඝ්‍රයෙන් ඉහළ යන බැවින් වහා පියවරක් නොගත්තොත් ඉදිරි දිනවලදී මළ සිරුරු තැත්පත් කිරිමේදී දැඩි අර්බුදයක් පවතින බවයි. සේවකයන් වැඩිදුරටත් පවසන්නේ මේ තත්වය මත සෞඛ්‍ය සේවකයන්ට දැඩි සෞඛ්‍ය තර්ජනයක් ඇති වී ඇති අතර ඔවුන්ගේ ජීවිත ද අවදානම් තත්වයේ තිබෙන බව එම සේවකයෝ පවසති.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-
Comments
Post a Comment
Your comment will be visible after approval