
අද රාත්‍රි කාලයේ සිට දින 10 කට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුකොට
බඩු රැස් කරගෙන නිවෙස් බලා යාමට ඇත්තේ පැය 7 කට අඩු කාලයක් පමණක් බව කියමින් සුපිරි වෙළෙඳසල් ඉදිරියේ අධික මහජන තදබදයක් කොළඹ හා තදාසන්න නගර වලින් වාර්තාවේ.
මීට දින දෙකකට පෙර පැනවූ නීති අනුව සියයට 25 ක් පමණක් සුපිරි වෙළෙඳ සලට ඇතුළු කරන නිසා දීර්ඝ පෝලිම් ගැසී තම වාරය එනතුරු සුපිරි වෙළෙඳසල් ඉදිරියේ සවස 3.30 වනවිටත් වාර්තා විය,
මේ තත්වය අද සන්ධ්‍යා කාලය වනවිට තවත් වැඩිවෙතැයි අපේක්ෂා කෙරේ.
නිරෝධායන කාලය තුළ අන්තර්ජාල ඇණවුම් වලට සීමා පනවා නැති අතර භාණ්ඩ රැස් කරගැනීමට අවශ්‍ය අයට එම සේවාවන්ද පාවිච්චි කිරීමට අවසර සලසා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval