307 medical students to see infected at home

නිවෙස්වල ප්‍රතිකාර ලබන ආසාදිතයන් අධීක්ෂණය කිරීම සඳහා වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනය අවසන් කරන ලද වෛද්‍ය සිසුන් තුන්සිය හත්දෙනකු (307) යොදවා ඇත.



මේ වන විට නිවෙස්වල ප්‍රතිකාර ලැබූ කොවිඩ් ආසාදිත පුද්ගලයන් විසි හයදහසකට වැඩි ප්‍රමාණයක් සුවය ලබා ඇති අතර දසදහසක් පමණ ඊයේ (24 වැනිදා) වන විට තවදුරටත් නිවෙස් තුළ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

ඉදිරි සතියේ නිවෙස් තුළ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන් අධීක්ෂණය කිරීම සඳහා වෛද්‍යවරු එක්දහස් පන්සීයක් පමණ යෙදවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම මේ වන විට වෛද්‍යවරු නවසීයයක් පමණ නිවෙස්වල ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙමින් සිටිති.

වරුණි පෙරමුණ