
ගම්පහ දිස්ත්‍රික්කයේ ඊයේ(11)වැනිදා උදැසන 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ කොවිඩ් ආසාදනයන් 2000ක් හමුවි ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත වාර්තා සඳහන් කරයි. ඉන් වැඩිම පිරිස වන 240 දෙනකු මිනුවන්ගොඩ සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තාව ඇති අතර, මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 236 දෙනකු වාර්තා වී ඇත.
බියගම සහ සීදුව කොට්ඨාස වලින් 220 දෙනෛකු බැගින් ද වත්තලින් 176 දෙනකු ද මිරිගමින් රිහන් 156 දෙනකු ද ගම්පහින් 143දෙනකු අත්තනගල්ල 130 දෙනකු ද කැලණියෙන් 123 දෙනකු ද ජා ඇළ සහ කටාන කොට්ඨාසවලින් ආසාදිතයන් 106 දෙනකු බැගින් ද හමුවී ඇති අතර, රාගමින් 45 දෙනෙකුද වාර්තා වී ඇත.
මිගමුවෙන් 43 දෙනකු ද දොම්පෙන් 36 දෙනකු සහ දිවුලපිටියෙන් 20 දෙනකු ද වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල දත්ත වාර්තා පෙන්වා දෙයි.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24ක් තුළ ආසාදිතයන් 38 දෙනකු හමුවී ඇති අතර, ආසාදිතයන් 411 දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.සැක සහිත රෝගීන් 83 දෙනකු දිස්ත්‍රික්කයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ආසාදිතයන් පළමු පෙළ ආශ්‍රිතයන් 26778 දෙනෙකු නිවෙස් වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව එම දත්ත වාර්තා පෙන්වා දෙයි.ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් දෙවැනි රැල්ලේ ආසාදිතයන් ගණන මේ වනවිට 81,082 දෙනකු දක්වා ඉහළ ගොස් ඇතැයිද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
( ගම්පහ තිලකරත්න දිසානායක)
Comments
Post a Comment
Your comment will be visible after approval