
කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා එන්නත් මධ්‍යස්ථානවලට යාමට නොහැකි වියපත් සහ රෝගී අය පිළිබඳ දුරකථන අංක 1906ට කතා කර කොවිඩ් 19 පැතිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ලියාපදිංචි වන ලෙස රජය මහජනතාවට නිවේදනය කර තිබේ.
එවිට නිවෙස්වලට පැමිණ හෝ මධ්‍යස්ථාන වෙතට ගෙන ගොස් හෝ එන්නත ලබා දෙන බවට රජය මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් දී ඇත.
නමුත් එම අංකය ක්‍රියා නොකරන බවට පැමිණිලි රාශියක් ලැබි ඇත.
පසුගිය දින කිහිපයේදීම 1906 අංකය කරකවා ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය සාර්ථක නොවූ බව බොහෝ අය දන්වා ඇත. දිවා කාලයේ කාර්යබහුල යැයි සිතා රාත්‍රියේදී ඇමැතුමක් ගන්නා වටදී පටිගත කර තිබෙන හඬක් මිස වෙනත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබෙන බවද දන්වා තිබේ.
මෙම සේවාව සත්‍ය ලෙසම ක්‍රියාත්මක නොවන මාධය සන්දර්ශනයක් බවට විවෙචන පැනනැගෙන අතැර මෙවන් සංවේදී අවස්ථාවක රජය ජනතාව අපහසුතාවට පත් කරන්නේ ඇයිද යන්න ගැටලුකාරී බව අපහසුතාවයට පත්වූ අය දන්වා ඇත.
පෙර වාර්තාව -
එන්නත් ඕන අය 1906 අමතන්න - 3 වන මාත්‍රාවට සූදානම්
Comments
Post a Comment
Your comment will be visible after approval