
සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා පිල සමග තරග 3 කින් යුත් එක්දින තරගාවලියක් හා තරග තුනකින් යුතු විස්සයි20 තරගාවලියක් පවත්වන්නට සැලසුම් කර තිබූ අතර මේ සඳහා සංශෝධිත වේලාවන් ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය හේතුවෙන් තරග පූර්ව සැලැස්මට වඩා දින පහකින් කල් දැමීමට සිදු වූ බව නිවේදනය කර ඇත.
ඒ අනුව තරගමාලාව දැන් ජූලි 18 සිට පැවැත්වේ. වේලාවන් ප.ව. 1.30 සහ ප.ව .7.30 වෙනුවට සවස 3 සහ රාත්‍රී 8 ලෙසද වෙනස්කම් සිදුකර ඇත.
COVID-19 හේතුවෙන් තරග මාලාව කල් දමා ඇති බව සෙනසුරාදා BCCI සහ SLC ඒකාබද්ධව තහවුරු කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් ඇතුළු COVID-19 සඳහා එංගලන්තයෙන් ආපසු පැමිණීමෙන් පසුව කොරෝනා සඳහා ධනාත්මක විය.
නව කාලසටහන මේ සමග දක්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval