sb-dissanayake-speaks

ඇමැතිකමක් නොලැබීම ගැන කනගාටුවක් තිබෙන බවත්, එහෙම හැගීමක් ඇති වී තිබෙන්නේ තමාට ඔළුවෙ අමාරුවක් නැති නිසා බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවැසීය.  ආණ්ඩුව තමාට සලකන ආකාරය වැරදි වුවත්, ඒ ගැන තමා කිසි විටෙකත් නොසැලෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සිය නිවසේදී ඉකුත්ද (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින්නේ තමා බවත්,

තමා දැන් පාර්ලිමේන්තුවේ පිටුපසට වී සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

"තමාට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි” යැයි සඳහන් කළ දිසානායක මහතා, අමාත්‍යාංශයක් නොලැබුණත් තමා සිනහ වී සිටින බව ද පැවසුවේය.  තමා කරපු සෑම අමාත්‍යාංශයක්ම "රෙකෝඩ්" තැබූ බවත්, ඔලිම්පික් පදක්කම් පවා රටට ගෙන ආ බවත් ඔහු කීවේය.  ක්‍රිකට් ලෝක කුසලාන ගැනීමට පවා ශක්තිය ලබා දුන්නේ තමා බව ද ඔහු සිහිපත් කළේය.  තමාට සලකපු විදිය වැරදි වුවත්, ඒ ගැන කලකිරීමක් නැතැයිද, මඤ්ඤොෙක්කා වගා ක‍ෙගෙන, අල වගා කරගෙන තමා සතුටින් සිටින්නේ යැයි ද දිසානායක මහතා කීය. අක්කර විස්සක අල වගාවක් ද මේ දිනවල තමා කරගෙන යන බව පැවසූ මන්ත්‍රීවරයා, මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව මේ රටේ කෘෂිකර්මය දියුණු කළේ ද තමා යැයි ප්‍රකාශ කළේය.