gotabhaya-presidential-election

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට කැමැත්තක් ඇති බව වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින මාධ්‍ය හිමිකරුවන් සමග පැවති සාකච්ඡාවකදී අදහස් පළ කර තිබේ. මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ අද (19) පෙරවරුවේ පැවති සාකච්ඡාවක් අතරතුර ඔහු පවසා ඇත්තේ තමාට ඉතිරිව ඇති වැඩ ටික කරන්නට තව ඇත්තේ වසර 3 ක් පමණක් නොව ඊටත් පසු වසර 5 කුත් තිබෙන බවයි. 




එයින් ඉඟි කෙරෙන්නේ නැවත ඔහු ජනපතිවරණයකට ඉදිරිපත්වන බවක් යයි මාධ්‍ය ප්‍රධානින්ට අවබෝධවී ඇත.
පසුගිය දිනවල ආරංචි පැතිර ගියේ ඊළඟ ජනපතිවරණය සඳහා බැසිල් රාජපක්ෂ ඉදිරිපත්වීමට සූදානමින් සිටිනා බවකි.