
කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වෛද්‍ය සිසුවෙකු පිළියන්දල, මිරිස්වත්ත ප්‍රදේශයෙන් හමුවී තිබෙන බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
පසුගිය 09 වැනිදා සිදුකළ පීසීආර් පරීක්ෂණ අනුව කොරෝනා ආසාදනය වී ඇති දැනගත් සිසුවා දැනට ප්‍රතිකාර ලබමින් පසුවන අතර ඔහුගේ රෝග ලක්ෂණ ගැන පවතින සැකය මත වැඩිදුර අධ්‍යයන කිරීමේදී කොරෝනා ඩෙල්ටා හෙවත් ඉන්දීය ප්‍රෙභ්දය ඔහුට වැළඳී ඇතැයි ඊයේ වාර්තා විය.
මෙම සිසුවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන්නෙකි.
කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාරය සඳහා යොමු කර ඇති මෙම සිසුවාගේ පිළියන්දල, මිරිස්වත්ත නිවසේ පදිංචි අයද මේ වනවිට නිරෝදායනයට යොමු කර පීසීඇාර් පරීක්ෂණ සිදුකර ඇත.
මෙරටින් හඳුනාගෙන ඇති ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයන් සංඛ්‍යාව මොහුද සමගින් 22 දක්වා ඉහළ ගොස් තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval