
සුඛෝපභෝගී සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක ආනයනය සීමාකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.
ඒ අනුව ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ, සුවඳ විලවුන් හා අලේපන ආදී භාණ්ඩ ගණනාවක ආනයනය අත්හිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් විය.
මෙරට තුළ විනිමය සංචිතය ශක්තිමත්වීමෙන් අනතුරුව එම සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කෙරෙණු ඇති බවද එහිදී වාර්තා වී තිබුණි.
කෙසේවෙතත් මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම මාධ්‍ය වාර්තා පදනම් විරහිත බවය.
මේ අතර රටෙහි වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් හෙට (05) මුදල් රජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval