
මේ දිනවල දරුවන්ගේ උදරයේ තදබල වේදනාවක් සහිතව වමනය හා පාචන තත්ත්වයක් පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමු වන්නැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ නලීන් කිතුල්වත්ත සඳහන් කරයි.
මෙම රෝග ලක්ෂණය බොහෝ විට අවයව අකර්මණ්‍යවීමේ රෝගය හෙවත් (Multisystem Inflammatory Syndrome in Childer) විය හැකි බැවින් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමු වන්නේ නම් ජීවිතය බේරා ගැනීමට හැකි වන නමුත් කල්ගතවී රෝගය උත්සන්න වූ පසු ජීවිතය බේරා ගැනීම මහත් අසීරු බවද විශේෂඥවරයා පෙන්වාදේ.
මේ වන විට අවයව අකර්මණ්‍ය වූ දරුවන් රිජ්වේ ආර්යා ළමා රෝහල, කරාපිටිය, දියතලාව, යාපනය යන රෝහල්වලද ප්‍රතිකාර ලබන බව වෛද්‍ය කිතුල්වත්ත අවධාරණය කරයි.
ශ්‍රියානි විජේසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval