
කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවගෙන් සියයට විස්සක, තිහක ප්‍රතිශතයකට ‘ඩෙල්ටා ප්‍රභේදය’ ආසාදිත වී ඇතැයි සැකකළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවැසීය.
පසුගිය 15 වැනිදා මෙරටින් තවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් දහනවදෙනකු තහවුරු කරගත් අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
මෙම ආසාදිත දහනවදෙනා සමග මෙරට තහවුරු කරන ලද ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයන් සංඛ්‍යාව තිස්අටකි.
ඒ අනුව මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් ගාල්ල, මාතර, කොළඹ, යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.
විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ තහවුරු කරගන්නා ලද ඩෙල්ටා ආසාදිතයන් ප්‍රමාණයට වඩා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් සමාජයේ සිටිය හැකි බවයි.
එම නිසා සෑමවිටම නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වරුණි පෙරමුණ
Comments
Post a Comment
Your comment will be visible after approval