
ලන්ඩනයේ සිට නිවාඩුවකට පැමිණ සිටි යාපනයේ අච්චුවේලී ප්‍රදේශයේ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය
වීම නිසා පෙරේදා (18දා) යාපනය ශීක්ෂණ රෝහලේදී මියගොස් තිබේ.
යාපනයේ අච්චුවේලී ප්‍රදේශයේ
පදිංචි සිත්තම්පලම් රාජලිංගම් නමැති මෙම 80 හැවිරිදි වෛද්‍යවරයා මීට කලකට පෙර ලන්ඩනයේ
පදිංචියට ගොස් තිබේ.
ඔහු නිවාඩුවකට පැමිණි අවස්ථාවේදී රෝගී වීමෙන් පසුව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව
එහිදී ඔහු කොරෝනා රෝගියකු බවට තහවුරු වී තිබේ.මෙම වෛද්‍යවරයා විසින් කොරෝනා මර්දන එන්නතේ
පළමු හා දෙවැනි මාත්‍රා දෙකම ලබාගෙන සිටි බවටද තොරතුරු හෙළි වී තිබේ.
(වවුනියාව - රසාදි චතුරංගි ගමගේ )
Comments
Post a Comment
Your comment will be visible after approval