අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකාරක ලේකම් වශයෙන් කලකට ඉහත සිරස TV රූපවාහිනි නාලිකාවේ ‘කැදැල්ල‘නිවේදිකාවක් ලෙස කටයුතු කළ කෞෂ්‍යල්‍යා මාධවී වෙඩික්කාරආරච්චි මහත්මිය (කෞෂි) පත් කර තිබෙයි.
නිරූපිකාවක හා නිළියක වන ඇය රිසිර ටීවී නාලිකාවේ පසුගිය දිනවල සේවය කරමින් සිටියාය.
ඇගේ පත්වීමේ ලිපිය ඊයේ (09) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇයට ලබාදුන්නේය.
කෞෂි වෙඩික්කාරආරච්චි මහත්මියගේ සැමියා වන්නේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ තරුණ සංවිධාන කමිටුවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතායි.
Comments
Post a Comment
Your comment will be visible after approval