
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය සඳහා විජිත හේරත් මහතා පත්කිරීමට නියමිත බවත් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා විදුලි බල මණ්ඩලයේ සභාපති ලෙස පත්කර තිබෙන බවත් වාර්තා වන අතර රේණුක පෙරේරා මහතා ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති තනතුරට පත් කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කර තිබේ.
හේරත් මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස මින් පෙර කටයුතු කළ ජගත් වැල්ලවත්ත මහතාඉවත්වූ පසු පුරප්පාඩුවක් ඇතිව තිබීම නිසා හේරත් මහතා එයට පත්කරන්නට නියමිතය.කොලොන්නාවේ දේශපාලනය කළ රේණුක පෙරේරා රාජපක්ෂ පවුලේ සමීප ඥාතියෙකි.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරෙන් ඔහු දැනට ඉවත්ව සිටියි.
මේ අතර පුරප්පාඩු වී ඇති නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට අනිල් කොස්වත්ත මහතාට යෝජනා කර ඇති නමුත් ඔහු ඒ සඳහා මෙතෙක් එකඟතාවය පළකර නොමැත. කොස්වත්ත මහතා ලිට්‍රෝ සභාපති තනතුර අතැර එය භාරගතහොත් වියත්මග ආරම්භක සාමාජිකයෙකු වන තෙෂාර ජයසිංහ මහතා ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමට යෝජනාවී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval