gemunu-rathnayake-passed-away

ප්‍රවීණ මාධ්‍යවේදි ගැමුණු රත්නායක මහතා ඊයේ (22) අභාවප්‍රාප්ත විය. කලෙක පටන් පිළිකා රෝගයෙන් ඔහු පීඩා වින්දේය. මියයන විට 62 වන වියෙහි ඔහු පසුවිය.




1960 වසරේදී උපත ලද ගැමුණු රත්නායක කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකි.කොළඹ ශාන්ත ජෝසප් විදුහලේ ගුරුවරයෙකු ලෙස මුල් කාලීනව සේවය කර පසුව පුවත්පත් කලාවට පිවිසියේය. මුලදී විවිධ පුවත්පත් සඟරාවල බාහිරව සම්බන්ධවී ලිපි ලිවීමෙන් ලැබූ පරිචය ඇසුරෙන් 1996දී ලක්බිම පුවත්පතේ කර්තෘ මණ්ඩලයට එකතු වූයේය.
එම පුවත්පතේ චාරිකා සටහන් හා රිද්ම අතිරේකයේ විශේෂාංග නිසා ඔහු ප්‍රකට විය.  ඔහු සමුදුර පුවත්පතේ විශේෂාග ලේඛකයකු ලෙස ද සේවය කළේය.පසුව රිද්ම අතිරේකයේ කතුවරයා වශයෙන් ගැමුණු රත්නායක මහතා දිගු කලක් කටයුතු කළේය. සුමති පුවත්පත් ආයතනය වසාදැමීමෙන් පසු ටික කාලයක් නිවසේ ගතකර අනතුරුව ඔහු මව්බිම පුවත්පතට සම්බන්ධ විය.
මේ මස 23 වැනිදා ඔහු ලියූ ග්‍රන්ථයක්ද එළිදැක්වීමට සූදානම්ව සිටියදී 22 වනදා ඔහු සදහටම නෙත් පියාගත්තේ අවාසනාවන්ත ලෙසිනි.
ඔහුගේ දේහය කඩවත ඉහළ කරගහමුණ, රාජසිංහ මාවතේ, හතරවැනි හරස් වීදියේ, අංක 360/ 7 දරන නි‍වසේ තැන්පත් කොට ඇත. අවසන් කටයුතු අද (සිකුරාදා) දහවල් 1.30ට ගණේමුල්ල කොස්සින්න පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.