gas-price-issue

ලීටර් 18ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150කට අලෙවි කිරීමට රජය ගෑස් සමාගම්වලට ඉඩදීම
හේතුවෙන් බහුතරයක් පාරිභෝගිකයන්ට මසකට කි.ග්‍රෑ. 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙනුවට ගෑස් සිලින්ඩර් දෙකක් මිලදී ගැනීමට සිදුවීමෙන් රුපියල් 144ක අතිරේක වැයක් දැරීමට සිදුවන බව පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.

රුපියල් 1150ක ගෑස් සිලින්ඩරයක අඩංගු ගෑස් ලීටර් 18ක වටිනාකම රුපියල් 1078කි.



එමෙන්ම රුපියල් 1150කට අලෙවි කළ යුතු ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ගතවූ මාස 2ක පමණ
කාලයක් තුළ රුපියල් 1395 බැගින් විකිණීමෙන් ලිට්රෝ ගෑස් සමාගම රුපියල් මිලියන 500කට අධික අයුතු
ලාභයක් උපයාගෙන ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. සම්මත මිලට වැඩියෙන් හා අඩු බරට  ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් කොළඹ නගරයේ හා අවට ප්‍රදේශවල වැටලීම් කළ පාරිභෝගික අධිකාරිය ඒවා අලෙවි කළ වෙළෙඳුන්ට මෙන්ම ලිට්රෝ ගෑස් සමාගමට එරෙහිව නඩු පවරන බව පැවැසුවද ඒ වෙනුවට මෙසේ රුපියල් 1150ක් වැනි සංශෝධිත මිලක් පනවා ප්‍රශ්නය යටපත් කිරීම පුදුමයට කරුණක් බවද පාරිභෝගිකයෝ පෙන්වා දෙති.

රුපියල් 1495කට අලෙවි කළ කි.ග්‍රෑ. 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ගෑස් ලීටර් 18කට සීමාකොට
රුපියල් 1395කට පාරිභෝගිකයාට අලෙවි කිරීමෙන් රුපියල් 245ක අයථා ලාභයක් ලිට්රෝ සමාගම ලබන
නිසා එම ලීටර් 18 ගෑස් සිලින්ඩර් ආපසු සමාගම වෙත ගෙන්වා ගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය ලිට්රෝ සමාගමට නියෝග කළද එම නියෝගය පවා ක්‍රියාත්මක වූයේ නැත.


උපතිස්ස පෙරේරා