five-sites-in-saudi-arabia-europe-inscribed-on-unesco-s-world-heritage-list

එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේක්‍රියාත්මක යුනෙස්කෝ මගින් ලෝක උරුමයන් ලෙස පිළිගන්නා ස්ථාන ලැයිස්තුවට අලුතින් ස්ථාන 5ක්ම ඇතුළත් කිරීමට එහි ලෝක උරුම කමිටුව පසුගියදා පියවර ගෙන තිබේ.  ඒ අනුව සෞදි අරාබිය සහ යුරෝපයේ පිහිටි රටවල් කිහිපයකම ස්ථාන මෙලෙස යුනෙස්කෝ නව ලෝක උරුමයන් ලෙස නම් කෙරී තිබේ.පසුගියදා චීනයේ Fuzhouහිදී පැවැත්වුණු යුනෙස්කෝ ලෝක උරුම කමිටුවෙහි 44වැනි සැසිවාරයේදී මෙලෙස නව ලෝක උරුම ස්ථාන ප්‍රසිද්ධියට පත්කෙරි ඇත.

ඒ අනුව සෞදි අරාබිය, ඕස්ට්‍රියාව, බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, එක්සත් රාජධානිය මෙන්ම උතුරුදිගටම අයර්ලන්තය ඇතුළු රටවල ස්ථාන මෙලෙස නව ලෝක උරුම ස්ථාන ලෙස නම් කෙරී ඇත.මේ අතරින් සෞදි අරාබියේ, නිරතදිග ප්‍රදේශයේ පිහිටි අරිඩ් පළාතේ Hima සංස්කෘතික ප්‍රදේශය අලුතින් ලෝක උරුමයක් ලෙස නම් කෙරී ඇත. මෙය අරාබියානු අර්ධද්වීපයේ ඉපැරණි කරත්ත මාර්ගයක් ලෙස සැලකෙයි.

අදින් වසර 7,000කට පමණ පෙරාතුව එහි වාසය කළ ජනතාව විසින් අදින ලද දඩයම් කිරීම්, සත්ව සහ ශාක මෙන්ම එදිනෙදා ජීවිතය විදහා දැක්වෙන ආකාරයෙන් සිතුවම් කළ ලෙන් චිත්‍ර බොහෝමයක්ද දැකගත හැකිය. එසේම ඕස්ට්‍රියාව, බෙල්ජියම, සෙචියා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, එක්සත් රාජධානිය මෙන්ම උතුරු අයර්ලන්තය යන රටවල් 7ක පිහිටි යුරෝපයේ වඩාත් ප්‍රචලිත සම්බාහන නගර 11ක්ද මෙම නව ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරී ඇත.

18 වැනි සියවසේ සිට 1930 දශකය දක්වා කාලය තුළ ඉදිකළ බව පැවසෙන මෙම නගර ස්වාභාවික ජල උල්පත් යොදා ගනිමින් මෙම නිර්මාණය කළ ඒවා වෙයි. ඒ අනුව Baden bei Wien (ඕස්ට්‍රියාව; Spa බෙල්ජියම ; Frantis kovy La zne (සෙචියාව); Karlovy Vary (සෙචියාව); Maria nske La zne (සෙචියා); Vichy ( ප්‍රංශය); Bad Ems (ජර්මනිය); Baden-Baden (ජර්මනිය); Bad Kissingen (ජර්මනිය); Montecatini Terme (ඉතාලිය); සහ City of Bath (එක්සත් රාජධානිය) එම ස්ථාන ලෙස සදහන්ව තිබේ. මෙම ස්ථානවලට අමතරව ප්‍රංශයේ Cordouan ප්‍රදීපාගාරය, ජර්මනියේ Mathildenho he Darmstadt ජනාවාසය මෙන්ම ඉතාලියේ පාදුවාහි පිහිටි 14 වැනි සියවසට අයත් ආගමික ගොඩනැගිලි තුළ අවදි ෆෙස්කෝ සිතුවම්ද මෙම ලෝක උරුම ලැයිස්තුවට අලුතින් එකතු වී තිබේ. මෙම සිතුවම් ක්‍රිස්තු වර්ෂ 1302 සිට 1397 කාලසීමාවේදී විවිධ කලාකරුවන් අතින් නිර්මාණය කෙරුණු ඒවා බව හඳුනාගෙන තිබේ.-