
කොරෝනා වෛරස් ආසාදනය සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත විද්‍යා ඒකකය ඊයේ 30 නිකුත් කළ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ පළමු දෙවන හා තුන්වන කොරෝනා රැලි අනුව ආසාදිතයින් වාර්තාවීමේ සංසන්දනයක් ඉදිරිපත් කර තිබේ.
එයට අනුව දිස්ත්‍රික්ක අනුව සැලකීමේදී දෙවන රැල්ල අභිබවා තුන්වන රැල්ල වැඩි නොවූ දිස්ත්‍රික්ක දෙක කොළඹ හා කල්මුනේ පමණි. අනෙක් සියලුම දිස්ත්‍රික්ක වල කොරෝනා තුන්වන රැල්ලේදී වැඩි බලපෑමක් කර තිබේ.
බස්නාහිර පළාත සැලකීමේදී කළුතර දෙවන රැල්ල මෙන් තුන් ගුණයක් රෝගීන් වාර්තාවී ඇති අතර ගම්පහ දෙවැන්න මෙන් එකහමාරක් පමණ වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් කොළඹ දෙවැනි රැල්ලේදී ආසාදිතයින් 32123 ක් වාර්තා වුවද තෙවැනි රැල්ලේ මෙතෙන් වාර්තාවී ඇත්තේ 29055 පමණි. මින් ඉහත කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දන්වා සිටියේ දෙවැනි හා තෙවැනි රැළි අතර කාලයේ කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් වැඩසටහන ව්‍යාප්තවීම නිසා ආසාදිතයින් අඩුවූ බවකි.
වගු සටහන පහත පරිදිය.

Comments
Post a Comment
Your comment will be visible after approval