රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජ මහ විහාරාධිපති ආචාර්ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ සුව දුක් විමසා බැලූ අග්‍රාමාත්‍යතුමා පළමුව උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තේය.
අග්‍රාමාත්‍යතුමා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිස කිරිවෙහෙර ආගමික වතාවත්වල නිරතවූයේ ඉන් අනතුරුවය.
කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය කිරිවෙහෙර අභියස දී සෙත් පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යතුමාට ආශිර්වාද පළ කළහ.
මෙම ආගමික වතාවත් සඳහා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් වික්‍රමරත්න ගුණසේකර, හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී විමල් ගලගම ආරච්චි, කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගන මහත්වරු ඇතුළු ප්‍රාදේශිය දේශපාලඥයෝ පිරිසක් එක්ව සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval