covid19-government
 මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.


පන්සල්, පල්ලි හා කෝවිල් ආදී පූජනිය ස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබේ.
කොවිඩ් ආසාදිත නොවන මෘතදේහවල අවමංගල්‍ය කටයුතු සඳහා අවසර හිමි වන අතර අදාළ දේහය මුදාහැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදුකළ යුතුය.
ඒ සඳහා පුද්ගලයින් 50 දෙනෙකුට සහභාගි විය හැකිය.
තවද මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදී ඇති අතර එය ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 25ක් වන පරිදි හෝ උපරිම පුද්ගලයින් 150ක සංඛ්‍යාවකට යටත්ව පැවැත්විය හැකිය.
මීට අමතරව වැඩමුළු, සම්මන්ත්‍රණ හා සන්නාම දියත් කිරීම ආදිය පැවැත්වීමට අවසර හිමි වන අතර ඒ සඳහා උපරිම සහභාගිත්වය 50දෙනෙකු ට සීමා කර ඇත.
අවන්හල් සඳහා පැවති රෙගුලාසි ලිහිල් කර තිබෙන අතර එම ස්ථානය තුළම අනුභව කිරීමට ඉඩ සලසන අවන්හල් විවෘත කිරීමට ද අවසර දී ඇත.
 පවතින අන්තර් පළාත් සංචරණ සීමාකිරීම් තවදුරටත් දින 14ක් සඳහා දීර්ඝ කර ඇත.
නිකුත් කළ සම්පූර්ණ නව මාර්ගෝපදේශ මාලාව පහතින් ,