The-ex-maid-at-Bathiudeens-house-was-twice-raped-by-his-wifes-brother

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ නිරත වී සිටි තවත් කාන්තාවක දූෂණයට ලක්ව ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබේ. මේ ගැන මෙම නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ නිරත අවුරුදු 22 ක හා 32 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.


22 වන වියේ පසුවන තරුණිය  ප්‍රකාශ කළේ, තමන් 2015 වසරේ සිට 2019 වසර දක්වා ගෘහ සේවිකාවක ලෙස රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ බවයි. එහිදි මන්ත්‍රීවරයාගේ බිරිදගේ සහෝදරයෙකු තමන් දෙවතාවක් දූෂණයට ලක්කළ බව ඇය ප්‍රකාශ කර ඇත. ඒ අනුව මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි  34 හැවිරිදි සැකකරු ද අත්අඩංගුවට පත්ව ඇත.



රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිදගෙන් බොරැල්ල පොලීසිය ඊයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගත් අතර අනතුරුව  පිළිස්සුම් තුවාල සහිතව 16 හැවිරිදි දැරියක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බදියුදීන් මහතාගේ බිරිදත්  ඇගේ පියාත් කෲරත්වට භාජනයට වීමට ආධාර අනුබල දීමේ චෝදනා මතද එමෙන්ම ඩයගම පදිංචිකාර තැරැව්කරු බාලවයස්කාර දැරිවිය වෙළඳාමට අනුබලද දුන් නිසාද අද අලුයම අත්අඩංගුවට ගැනුණි.
විමර්ශන කණ්ඩායම් මගින් මේ වන විට 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙයි.
අත්අඩංගුවට පත් අය  අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඡායාරූපය -Pradeep Dambarage -The morning