Two internet brothel advertising outlets in Kahathuduwa raided

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කොට කාත්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්ථාන දෙකක් වටලා, කළමනාකාරවන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.   මාගම්මන සහ ජයලියගම යන ප්‍රදේශවල කුලී පදනම මත ලබාගත් ස්ථාන දෙකක මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය  කියයි. ඒ අනුව ජයලියගම ප්‍රදේශයේ දෙමහල්  නිවසක් මාස 8ක සිට රුපියල් 80,000 මුදලකටත්, මාගම්මන ප්‍රදේශයේ නිවසක් රුපියල් 30,000 ක මුදලකට සති දෙකකට පෙර ලබාගෙන, අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කොට, මෙසේ කාන්තාවන් මුදලට අලෙවී කර ඇති බව පොලිසිය කියයි. මේ පිළිබඳව ලද තොරතුරකට අනුව, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක චානක මහතා, උපාය දූතයකු   යොදවා, ඔහුගෙන් ලද දුරකතන ඇමතුමකට  අනුව මෙම ස්ථාන දෙක වටලන ලදී.  





ඒ වනවිට ජයලියගම ලැගුම්හලේ රැඳී සිටි කළමනාකාරවරිය සමඟ කාන්තාවන් තිදෙනකු ද මාගම්මන ලැගුම්හලේ සිට කළමනාකාරවරිය සමග කාන්තාවන් තිදෙනෙකුද මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී, මෙම කාන්තාවන්ගේ ඡායාරූප හා තොරතුරු අන්තර්ජාලයේ පළකොට රුපියල් 5000 සිට  රුපියල් 10,000 දක්වා මුදලකට අලෙවි කර ඇති බවත්, පැය 24 පුරා සේවා සැපයීමට එහි රැඳී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය කියයි. ඒ අනුව අත්අඩංගුචට ගත් මොරටුමුල්ල, නාරාහේන්පිට, කිරුළපන, කහතුඩුව, වත්තල  සහ කෝට්ටේ ප්‍රදේශවල පදිංචි,  ( 24 - 49) වයසේ පසුවන කාන්තාවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


  -ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න -