When the match was lost yesterday, the Sri Lanka captain-coach fight went to the international

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්විය. ශ්‍රී ලංකාවට මෙම තරගය පහසුවෙන් ජයගැනීමෙට හැකියාවක් තිබූ එකක් ලෙස විචාරකයින් සඳහන් කරන්නේ වැදගත් පිතිකරුවන් රැසක් දවාගැනීමට පන්දු යවන්නන් දැක්වූ දක්ෂතාවය නිසාය.  නමුත් ඉන්දියාව පිතිකරණයෙහි නිරතවූ දෙවැනි ඉනිමේදී අවසන් පිතිකරුවන් ලබාදුන් උඩපන්දු අතහැරීම හා පිටියේ දුර්වල පන්දු රැකීම නිසා ‘අතේතිබූ ජයක් අහිමිවීයාමක්‘ ලෙස මෙම තරගය ගැන විචාරකයින් අදහස් දක්වන ලදි.


පිටියේ නරඹන්නන් නොමැති නිසා නිරන්තරයෙන් ශ්‍රී ලංකා තරගය අතරතුර රුපවාහිනියේ පෙන්වූයේ කණ්ඩායමේ අය විවේකාගාරයේ වාඩිවී සිටින හැටිය.
මේ අතර ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් මුලදී ජයග්‍රාහී ආකාරයෙන් අසුන්ගෙන සිටි අයුරුත් අවසන් ඕවර දෙක කිට්ටුවෙද්දී ඔහු කෝපයෙන් එහාමෙහා යන අයුරුත් දිස්විය.
ඉන්දියාව ශ්‍රී ලංකාව පරදා ජයගැනීමෙන් අනතුරුව පිටිය මැද දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සහ පුහුණුකරු මිකී ආතර් අතර සංවාදයක් ඇතිවූ අතර එහි ශබ්ද එලියට ආවේ නැතත් අභිනයෙන් පෙන්නුම් කළේ රණ්ඩුවක් බවයි.එය රූපවාහිනියෙන් සජීවීව පෙන්වමින් සිටින බව ඔවුන් තේරුම්ගෙන නොතිබි අශෝභන අවස්ථාවකි.
එවෙලේ ඇතිවූ සංවාදය මේ වන විට සමාජ මාධ්‍ය කළඹන සිද්ධියක් බවට පත්ව තිබෙයි.
තරගයෙන් නිමාවීමෙන් අනතුරුව පිටිය මැද ක්‍රීඩකයින් සිටිනා විට එහි පැමිණෙන පුහුණුකරු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වනවිට ලංකාවෙන් එපිට ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුලත් සංසරණය වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරග විචාරකයකු වන රසල් ආනල්ඩ් පවසන්නේ ක්‍රීඩාගාරය තුළ ඇතිවිය යුතු සංවාදයක් ක්‍රීඩා පිටිය මැදට ගෙන ඒම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරු විසින් නොකළ යුතුව තිබූ බවයි.