
මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීච් (Ibrahim Mohamed Solih) දින 03 සංචාරයක් සඳහා 20 වැනිදා දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය.
ඔහුගේ දූත පිරිස ලෙස, එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 15 දෙනෙක් පැමිණ සිටිති.
ඔහු ඇතුළු දූත පිරිස 07/20 දින දහවල් 11.30 ට මාලදිවයින, මාලේ සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
මාලදිවයින ජනාධිපති ඇතුළු දූත පිරිස 07/23 දින උදෑසන, ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.
මේ පිළිබඳව මාධ්‍ය ආවරණ කටයුතු සිදු කිරීමට, කටුනායක ගුවන් තොටුපළ වෙත මාධ්‍යවේදීන් පැමිණ සිටියත්, ඒ සඳහා අවසර හිමි නොවුණි.
ටී.කේ.ඒ. කපිල - කටුනායක
Comments
Post a Comment
Your comment will be visible after approval