Venerable Thero kneels before OIC at Kuliyapitiya Police Station

පොලිසිය තුළ ද සුදු පිරුවටයක් සමග ආසනයක් පනවා මහාසගරුවනට වැඳ නමස්කාර කළ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්‍ෂත අතුල කරුණාපාල මහතාට පෙරළා හිමිනම වැඳ නමස්කාර කළ සිදුවීමක් කුලියාපිටිය පොලිසියෙන් වාර්තා වේ.  කොවිඩ් අවදානම සහිත පසුබිමක හිමිනමක් හා සහයට දරුවන් දෙදෙනකු සම්මාදමේ යෙදෙමින් ගෙන් ගෙට යාම සම්බන්ධයෙන් ඊට විරෝධය පෑ ගම්මුන් පිරිසක් පොලිසිය දැනුම්වත් කිරිමත් සමගින් වහා ක්‍රියාත්මක වූ පොලිසිය ජීප් රථයකින් අදාළ හිමිනම හා සහයකයන් පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබිණ. 



පසුව සෙසු නිලධාරින් ලවා සුදුසු ආසනයක් පනවා කුමක් අරබයා එසේ සම්මාදම් කළාදැයි සැකයෙන් මුත් ගෞරවාන්විතව සිය ප්‍රශ්න කිරීම් ආරම්භ කිරීමත් සමගම  මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාගේ අසුන ළඟට ගොස් අදාළ හිමිනම හැඬු කඳුළින් යුක්තව වැඳ නමස්කාර කර "අනේ මහත්තයෝ මට සමාවෙන්න, මාව බේරගන්න යැයි, බැගෑපත්ව තිබිණ. වහාම එම ස්ථානයෙන් නැගිට එසේ කිරීමෙන් තමා අපහසුතාවයට පත් නොකරන්නැයි කියමින් නැවත ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමත් සමග දුර බැහැර සිට ගම්මාන වෙත ගොස් මගදී මිලට ගත් සිවුරක් හැඳ එසේ සම්මාදමේ  යෙදෙන බව පිළිගෙන ඇත.


එහිදී මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා වියත් ස්වාමීන් වහන්සේලා අමතා එහි තත්ත්වය පිළිබඳව විමසමින් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව අදාළ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් සැකකරු සරසවා යළි ප්‍රශ්න කිරීම් ආරම්භකර අත්අඩංගුවට ගෙන තිබිණ.  සැකකරුගේ ප්‍රකාශ මත එසේ අත්අඩංගුවට ගෙන තිබු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.


 -දිනෙෂ්  උපේන්ද්‍ර -