State Minister Dayasiri has been hit by a motorcycle

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය දෛනික ව්‍යායාම සඳහා කොළඹ 07 ප්‍රදේශයේදී පා පැදියක නැගී ගමන් කරද්දී එම පා පැදිය අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් සුළුතුවාල ලබා ඇත.




ඊයේ (21) කොළඹ නෙළුම් පොකුණ රඟහල ආසන්නයේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ඉදිරිපටදී සිදුවූ මෙම අනතුරෙන් අමාත්‍යවරයාගේ නළලට, අත් සහ පාදවලට තුවාල සිදුවී ඇතැයි වාර්තා විණි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දයාසිරි ජයසේකර මහතා පවසා ඇත්තේ එය බරපතල එකක් නොවන බවත් සාමාන්‍ය රිය අනතුරක් බවත්ය.
සුළු තුවාල සඳහා ප්‍රතිකාර ලබාගෙන එදිනම තමා නිවසට ගිය බව ද ඔහු කියා තිබේ.