
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයකුට කොවිඩ් ආසාදිතවී ඇති බව තහවුරුවීම නිසා අද පැවැත්වීමට නියමිතව තිබූ 20යි 20 ක්‍රිකට් තරඟය හෙට (28දා) දක්වා කල් දමා ඇත.
එසේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යා බව විදෙස් මාධ්‍ය පවසයි.
ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස 8 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ සියලුදෙනා අද සවස නැවත වරක් PCR පරීක්ෂණයකට මුහුණදීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
එහි ප්‍රතිඵල ලැබෙනතුරු තරග නොපවත්වන්නට උපදෙස් ලැබී ඇත.
ශ්‍රී ලංකා - ඉන්දීය දෙවැනි විස්සයි 20 ජාත්‍යන්තර තරගය එක් දිනකින් කල්දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval