
දශක ගණනාවක් තිස්සේ පිහිනුම් ඉසව් වලදී පිරිමින්ට පමණක් වැඩිදුර තරග නිර්දේශවූ අතර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 1500 දුර නිදහස් ආර පිහිනීමට කාන්තාවන්ට ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී සිදුවිය.
එහි අවසන් තරගය අද පැවති අතර කේටි ලෙඩෙක්කි එහි පළමු තැනට පත්වෙමින් ටෝකියෝ ක්‍රීඩා උළෙලේදී ඇගේ පළමු රන් පදක්කම දිනා ගත්තාය.
ඇය අද තරගයට පැමිණියේ මීටර 200 නිදහස් ආර ධාවන ඉසව්වේ ඊළඟ වටයට ගොඩ වීමට අපොහොසත් වීම නිසා ඇයගේ ඔලිම්පික් ජීවිතයේ ලොකුම බලාපොරොත්තු සුන්වීමකට පැයකට පසුවය.විනාඩි 15 තත්පර 37.34 කින් 1500 ජයග්‍රහණය අත්කර ගත්තාය..
එක්සත් ජනපදයේ එරිකා සුලිවන් තත්පර 15: 41.41 කින් දෙවන ස්ථානයට පත්වූ අතර ලෙඩෙකිට තත්පර හතරකට වඩා පසුපසින් සිටියද රිදී සඳහා ප්‍රමාණවත් විය. ජර්මනියේ සාරා කෝලර් 15: 42.91 න් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.
Comments
Post a Comment
Your comment will be visible after approval