මිය ගිය තල්මසෙකුගේ සිරුරක් යාපනය කයිට්ස් වෙරළ තීරයට ගොඩගසා තිබූ අතර අඩි 20 ක් පමණ දිගින් යුත් මෙම තල්මසා මිය යාමෙන් පසු වෙරළ තීරයට සිරුර ගොඩගසා ඇති බව වෙරළාරක්‍ෂක නිලධාරීන් සදහන් කරන ලදි.

මිය යාමට හේතුව මෙතෙක් තහවුරු කර නොතිබූ නමුත් එම සතාට එම්වී එක්ස්-ප්‍රෙස් පර්ල් නැවෙන් අපද්‍රව්‍ය ලෙස ගලාගිය ප්ලාස්ටික් කැබලි (plastic nurdles)ගිලී ඇති බව හඳුනාගන්නට ලැබේ යයි විද්‍යාඥයෝ පවසති.


මෙම මරණය සිදුවූ ආකාරය සෙවීමට කොළඹින් පුද්ගලයන් දෙදෙනෙකුද යවන ලද අතර ප්ලාස්ටික් හෝ රසායන කාන්දුව හා මෙහි සම්බන්ධයක් ඇතිදැයි බැලීමට නිලධාරීන් 15 ක් යොදා පරීක්ෂණ පවත්වා තිබේ.
සංරක්ෂණ ජීව විද්‍යාඥ ආචාර්ය රනිල් පී.නානායක්කාර මේ සම්බන්ධයෙන් ‘දි අයිලන්ඩ්‘ පුවත්පතට අදහස් පළ කර තිබෙයි.
දින තුන හතරකට පමණ පෙර තල්මසා මියගොස් තිබෙන ආකාරයක් පෙනී යන බවත් මියගිය ආකාරය සැලකීමේදී මෙම තල්මසාගේ මරණයට ගිලෙන නෞකාව නිසා ගලා ආ අපද්‍රව්‍ය හේතුවී ඇති බව හඳුනාගත හැකි බවත් ආචාර්ය නානායක්කාර පවසා තිබේ.බොහෝ විට මෙවැනි මියයාම් සිදුවන්නේ තල්මසාට නොදැනීම ජලය සමග පෙවෙන ප්ලාස්ටික් කැබලි (plastic nurdles) සිරුර අභ්‍යන්තරයේ සිරවීමෙන් බව ඔහු පවසා තිබේ.
 
වීඩියෝව -  ST Suman